පසුගිය සති කිහිපය තුළ සමාජමාධ්‍ය හසුරවන්නියක් විසින් පළකල post එකට ලංකාවෙ සහ පිටරට වෙසෙන ලාංකියන් විසින් තමන්ගේ original වගේම fake tiktok account උපයෝගි කරගෙන ලංකාවෙ ජනප්‍රිය සහ ප්‍රසිද්ධ කලාකරුවන්,කාරියන්, සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් සහ ක්රියාකාරියන් උදෙසා දැවැන්ත cyber bullying ප්‍රහාරයක් දියත් කලා..ලංකාවේ නීතියක්,ක්‍රමවේදයක් හරිහමන් විදිහට ක්‍රියා නොකරන නිසාත්,මිනිස්සුන් තුළ ඇති අඩු දැනුවත්බාවය නිසාත් මේ cyber bullying ප්‍රහාරයෙන් බැටකෑව කිසිම අයෙක් ඒ සදහා තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් නීතිය හෝ වෙනයම් පිළිසරණක් පැතුවේ නෑ..
මොකක්ද මේ cyber bullying කියන්නෙ...
යමෙක් තමන් සතු smartphone, computer හෝ social media වැනි digital platforms භාවිතා කරමින් තවත් පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් නොකඩවා ඔහුට හෝ ඇයට හිරිහැර කිරීම, තර්ජනය කිරීම හෝ නින්දාවට පත් කිරීම තමා cyberbullying කියලා කියන්නෙ.මෙහිදී අසැබි හෝ තර්ජනාත්මක පණිවිඩ යැවීම, හානිකර හෝ අසත්‍ය තොරතුරු social media වල පළ කිරීම, අනුමැතියකින් තොරව අපහසුතාවයට පත් කරන photos හෝ videos බෙදා ගැනීම, කටකතා හෝ බොරු පතුරුවා හැරීම යන සෑම කරුණක්ම cyberbully යටතට අයත් වෙනවා..
කොහොම උනත් මේ cyberbully කියන්නෙ ලේසිපහසු අපරාදයක් නෙමෙයි..මෙවැනි හිරිහැරයන් නිසා පුද්ගලයෙකුගේ මනසට සහ චිත්තවේගයන්ට බරපතල හානියක් ඇති විය හැකි බැවින් මෙමගින් විපක්ෂිත තත්වයට පත්වන අයෙකු ජීවිතහානියක් කරගැනීමට පවා බොහෝවිට ඉඩතිබෙනවා..
කලාත්මා විසින් ඇය පවසන ආකාරයට වැඩිදුර සිතා නොබලා ඇය විසින් දියත් කල මේ මෙහෙයුමෙන් රටේ ජනප්‍රිය යැයි සම්මත පුද්ගයන් විශාල ප්රමාණයකගේ අතිශය පෞද්ගලික කරුණු කාරනා, විවේචනයට වගේම අපහාසයට ලක් වෙනවා.
ඇයි cyber bullying මෙවැනි ප්‍රසිද්ධි චරිත ඉලක්ක කරගෙන සිදුවෙන්නෙ?
Pubic visibility: මෙවැනි අයගේ ප්‍රසිද්ධිය ඔවුන්ව සමාජය තුල visible කර පෙන්වීම වැඩියි. එම නිසා, ප්‍රශංසාව සහ සතුරුකම යන දෙකම ඔහුන්වෙත එල්ලවෙනවා.
Anonymity: මෙහි comment දැමූ බොහෝ දෙනෙක් use කරලා තිබුනෙ තමන්ගෙ fake accounts. තමන් කව්ද යන්න සමාජය නොදන්නා නිසා fake නිර්භීතක්මක් ඇති කරගෙන, මෙයින් අනිකා රිදවන හෝ අපයෝජන අදහස් පළ කිරීම කරගෙන යා හැක.
High expectations: සමහර විට මිනිසුන්ට තමන් කැමති celebrities ගැන යථාර්ථවාදී නොවන expectation තිබෙන්න පුලුවන්. එම නිසා සුලු වෙනසකදී ඔහුන්ව දැඩි විවේචනයට ලක් කිරීමට එය ඉවහල් විය හැක.
ලංකාවෙ කෙසේ වෙතත් මෙම cyber bullying නිසා ලොව වෙසෙන බොහෝ ප්‍රසිද්ධ කලාකරුවන් විසින් සියදිවි නසාගැනීමට පෙළඹීම මාධ්‍ය අවධානයක් දිනාගත් ඛේදජනක වගේම සංකීර්ණ ගැටලුවක්..
Sulli(choi-jin) කියන්නෙ ප්‍රසිද්ධ south korean singer කෙනෙක්,වගේම actress කෙනෙක්.. ඇයගේ දිවිතොරගැනීමට හේතු උන ප්‍රධාන සාධකය උනේ cyberbully හේතුවෙන් ඇතිවූ depression තත්වයයි. මීට අමතරව August Ames, Kelly Fraser, Goo Hara, Megan Meier, Amanda Todd, etc. යන අයවලුන් බොහොමයක් cyber bullying යන අපරාධයේ වින්දිතයන් ලෙස ජීවිතයෙන් සමුගත් අයවලුන්.
ඉතින් අපි ලංකාවෙ මේ සම්බන්දයෙන් පවතින නීතිය ගැන කතා කලොත්,
1. 2006 අංක 19 දරන Electronic transaction act.
මෙමගින් cyberbullying සදහා direct නීතිමය විධිවිදාන සලසා නොමැති උවත්, මෙමගින් electronic data and information සදහා අනවසරයෙන් ප්‍රවේශ වීම, විකෘති කිරීම සහ අනිසි ලෙස භාවිතා කිරීම අපරාධයක් ලෙස සලකනවා.
2. 2007 අංක 24 දරන Computer crimes act
මෙම පනත මගින් cyberbullying යන්න වචනාර්ථයෙන් නිර්වචනය නොවූනත් ඊට අදාල harassment ,threatening and unauthorized disclosure of private information සදහා නීතිය ක්‍රියාත්මක කල හැකියි.
3. Penal code of SL.
මෙහිදීද cyberbullying සදහා වචනාර්ථයෙන් නීතිය සම්පාදය නොවුනත්, ඊට අදාල අපහාස,තර්ජන සහ හිරිහැරවලට එරෙහි විධිවිධාන ඇතුළත් වෙනවා.
4. Cyber security bill (proposed)
ශ්‍රී ලංකාවේ cyber law ශක්තිමත් කිරීම අරමුණු කරගත් මෙය මා දන්නා තරමින් තවම සාකච්ඡා මට්ටමේ පවතින්නෙ.
මෙහි cyberbullying සදහාම වූ ආරක්ෂාව ඉලක්ක කරගත් නිශ්චිත විධිවිධාන ඇතුළත් වී ඇතිබවට සදහන්..
එහෙනම් ලගදීම කලාත්මාලා වැනි නිකන් ඉන්න බැරිවාට මිනිස්සුන් bullying කරන social media influencer ලාට දෙපාරක් හිතන්න මේක අවස්ථාවක් වේවි..අනිකාව bully කිරීමෙන් සන්සිදවා ගන්නට හදන්නා වූ තමන්ගේ අහේතුක සිතුවිලි පාලනය කරගැනීමෙන් සමාජයට යහපතක් වගේ මානසික සුවදායි වටපිටාවක් ඇති කරන ලෙස මෙයින් ඉල්ලා සිටිමි.
